Sunday, June 17, 2012

කරනවනම් ජොලි වැඩක්...

මේක අපි ඕනේ කෙනෙකුට කරන්න පුළුවන් හරි ජොලි වැඩක්... නිතරම මඟ  තොටේ වැඩ වලට හිරවෙන නැත්නම් මිනිස්සු එක්ක වැඩි හරියක්  ගැවසෙන වෙලාවට වගේ ආතල් එකේ කරන්න පුළුවන් කාටවත් කරදරයක් නැති වැඩක්... වැඩි විස්තර ඕනෙ නෑ...

අවශ්‍ය ද්‍රව්‍ය..

මිනිසුන් සහිත තැනක ඔහේ චාටර් වෙන වෙලාවක්.. හොඳම තැන් ආණ්ඩුවේ කන්තෝරු වල පෝලිම්,බැංකු පෝලිම්,බස් පෝලිම්, ටවුමක් මැද්දේ කවුරු හරි එනකං ඉන්න වෙලාවක්, සභ්‍ය විදියට බස් එකේ වාඩි වෙලා හෝ හිටගෙන යන අවස්තාවක්, කම්මැලි පාටියක්... වගේ මෙලෝ රහක් නැති වෙලාවක් සහ කට්ටියක්...

කරන්නෙ මෙහෙමයි..

දැන් ඔය කලින් කිව්ව වගේ තැනක ඉන්න කොට අපිට දැනෙන්නේ මහ එපා කරපු හැඟීමක් නේ.. කොයි වෙලාවෙද මේක ඉවර වෙන්නෙ කියල බලාගෙන අපි හිටියට අපිට ඕනෙ වෙලාවට ඉවර වෙන්නෙ නෑනේ.. අන්න ඒ වෙලාවට තමයි මම නම් මේ වැඩේ කරන්නේ..

ඉස්සෙල්ලාම  හොඳට පේන මනුස්සයෙක් ව තෝර ගන්නව.. ලස්සන කෙල්ලෝ ඉන්නකොට මේ වැඩේ කරන්න යන්න එපා ඒ වෙලාවට මීට වඩා වැදගත් වැඩ තියෙනවනේ.. මේක හරියන්නේ වයසක හෝ මැදි වයස් වල අයත් එක්ක ඉන්න කොට.. අපේම වයසේ අය උනත් අවුලක් නෑ.. පොඩි උන් හිටියත් අවුලක් නෑ..

දැන් කරන්න තියෙන්නෙ ඒ මනුස්සය දිහා ෂේප් එකේ ටිකක් බලල මුහුණේ ඉරියව් වලයි හැසිරීම් වල ස්භාවයයි පොඩ්ඩක් බලල ඒ මනුස්සය වගේ එකෙක් ඉස්කෝලේ අපේ යාළුවන් අතර හිටියද කියල හිතල බලන එක.. නැත්නම් අපිත් එක්ක පොඩි කාලේ හිටපු එකෙක් නාකි වුනහම මේන් මේ වගේ ඉඳී කියල පොඩ්ඩක් සසඳල බලන එක...

අපිට තියෙන්නෙ එක් එක් මනුස්සය  වගේ හිටපු මම දන්න එකා(එකී) කවුද කියල මතක් කරල බලන එක..

ඒ කියන්නේ ගොඩක් අය පොඩි කාලෙදි කතා බහ කරන විලාසය, බලන විදිය, එහෙට මෙහෙට ඇවිදින විදිය.. ඇඳුම් අඳින විදිය වගේ දේවල් ලොකු වුණහමත් එහෙමම තියෙනවා කියල මට නම් තේරිලා තියෙනවා.. ගතිගුණ ලොකු වෙනකොට වෙනස් උනත් හැසිරීම් වල සියුම් තැන් තියෙනව 100% මැච් කරන්න පුළුවන්..

 මේකෙ ආතල් එක තියෙන්නෙ එහෙම මැච් වෙන කෙනෙක් ව දැක්කම සිරාවට මේ මනුස්සයත් අන්න අරූ වගේ ඉන්න ඇති නේ කියල ඒ මනුස්සය තුළින් අපේ යහළුවාව දකින්න හැකි වෙන එක. ඔන්නම් ඒ වෙලාවේදි ඉස්කෝලෙ කාලේ කරපු ආතල් දේවල් පොඩ්ඩක් මතක් කර ගන්න පුළුවන් ආතල් පොරකට මැච් වුනොත් එහෙම.. ඉස්කෝලෙත් හිටපු එපාම කරපු ඩයල් එකකට මැච් උනොත් කරන්න තියෙන්නෙ ටක් ගාල අනිත් මනුස්සය දිහා බලල මැච් වෙන එකෙක් ව හොයන එක...

පෝලිම් වල බස් වල එහෙම පොඩි උන් ඉන්නකොට කරන්න තියෙන්නෙ මේ පොඩි එකා ලොකු උණාම අපි දන්න මොකා වගේ වෙයි ද කියල මැච් කරල බලන එක...

10ක් ඉන්න පෝලිමක මේ වැඩේ කලොත් අඩුම තරමේ 3-4ක් වත් මැච් වෙන අය ඉන්නව. ඔහොම 3-4ක් මැච් කරල පොඩි ආතල් එකක් අරන් ඉස්කෝලේ කාලේට ආයෙත් ගිහින් එනකොට පෝලිම නිකම් ම ඉවර වෙලා තියෙනවා.. නැත්නම් බස් එක බහින හෝල්ට් එකට කිට්ටු කරල තියෙයි..

පෝලිම් හැදෙන්න හේතුවයි.. බස් වල කොට කොට යෑම් ගැනයි.... ඔපිස් වල ප්‍රස්නයි.... ගෙවල වල ප්‍රස්නයි කල්පනා කර කර හිත නරක් කරගෙන ආන්ඩුවටයි රටටයි මිනිස්සුන්ටයි හිතින් බැන බැන යන්නේ නැතුව මේ වගේ අහිංසක ආතල් එකක් ගන්න එකෙන් නොදැනීම දවස සතුටින් ගෙවන්න පුළුවන්..

කරල බලන්න.. එතකොට තේරෙයි මේ අපි අවට ඉන්න මිනිස්සු ඔක්කොම එකම වගේ අය කියල.. එකම වගේ ගති ගුණ තියෙන අපි හොඳට දන්න කියන අය නේ ද මේ හැම තැනම ඉන්නේ අපි මොකටද කාත් එක්ක වත් ගහ මරා ගන්නේ කියල හිතෙයි.. ගහ මරා ගත්තත් මූත් අර ඉස්කෝලේ දි වලි දාගෙන පස්සේ බුදු ෆිට් වෙච්ච එකා වගේ නේද කියල හිතල ඕනේ ගැටුමක් අල්ලල දාල නිකන් ඉන්න පුළුවන් වෙයි..

නැවතත් මතක් කරන්නේ ලස්සන ගෑනූ ලමයි ඉන්න පුද්ගලික ආයතන වල පෝලිම් වල,බස් වල,පාටි වල සිටින විට මෙවැනි කම්මැලි කාරී,  විකාර වැඩ නොකර තම තමන්ට ප්‍රයෝජනවත් වෙන වෙනත් වැදගත් කාර්‍යයන් වල නිරත වන්න.. තනිකඩ ගෑල්ලමයිනුත් සිරා කොල්ලන් ගැන මෙවැනි මෝඩ දේ නොසිතා ඒ ඒ අවස්තාවට ගැලපෙන සේ වැඩකටයුතු කර ගන්න.

17 comments:

  1. ගුටි කන්න වෙයිද දන්නෙ නෑ... හික්ස්.. කොරල බලලම කියන්නම්කෝ.. මං එකද කොහෙද...

    ReplyDelete
  2. Pradeep Gunarathna, ගුටි නොකන ලෙවල් එකෙන් ස්ටඩී කරන වැඩේ කරගන්න ඊට පස්සෙ ඉතින් අවුලක් නෑ නේ..

    ReplyDelete
  3. ලෙක්චර් එක එපා උනහම්ත් කොරල බලන්න ඕනේ!

    ReplyDelete
  4. @ නාඩියා

    ලෙක්චර් එක එපා වුනාම කරන්න තියෙන හොඳම දේ හොඳට නිදාගන්න එක....


    @පැතුම්

    මේක නම් සිරා ක්‍රමයක් කරලා බලන්න ඕනේ

    ReplyDelete
  5. නාඩියා කියනව වගේ කරලා බලන්න ඕනා එහෙම කරපු ගමන් මතක් වෙන්නේ කෙමිස්ට්‍රි කරපු ල....ල් සර්ව ආෆෝ එතකොට ක්ෂණික ආපහු එනවා

    ReplyDelete
  6. ඉස්පිරිතාලේ ගියහම තමා ගොඩක් වෙලාවට එපා වෙන්නේ. ඒ වෙලාවට මේ සෙල්ලම කරලා බලන්න ඕනා !!!
    මරු සෙල්ලමක් නේ !

    හැබැයි ඉතින් ගුටි කන්න වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
  7. නරක නෑ වැඩේ. මේ විදියට හැමෝම කලානම් පෝලිම්වල තියන මරාගන්න ස්වභාවයත් අඩු වෙනව.

    ReplyDelete
  8. මුන දිහා බලන් ඉදලා බනිද..

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. පැතුම්ගේ ක්‍රමය ඇත හදාබලන්න අනුන්ගේ බාරියාවන් දිහා එහෙම කවුරුවත් බලන් ඉන්නවා එහෙම නෙවෙයි.. පැතුම්ගේ බ්ලොග් එකේ නම කියල බේරෙන්න බැරිවෙයි..

    ReplyDelete
  11. හරිම නිර්මාණශීලීයි.
    henryblogwalker the Dude

    ReplyDelete
  12. නාඩියා නාඩිරත්න,
    ලෙක්චර් එක කරන වෙලාවට කරන සර් ට මැච් වෙන එකාව හොයල.. එපා වුණාම කෙල්ලෙකුට ලයින් එකක් දාන්න..

    හසිත, එල, කරල බලල කියන්නකො විස්තරේ..

    අවතාර්, එපා වෙච්ච ගමන් වෙන එකෙකුට මැච් කරල බලන්න.. එපාම කරපු ඩයල් එකක් නම් ඉතින් වෙන එපාම කරපු එකෙකුට ආදේශ කරල පොඩි ආතල් එකක් ගන්න.. හික්

    මධුරංග, නර්ස්ල ඉන්නකොට මේවා කර කර කාලේ කන්න ඕනෙ ද?

    රාජ්, ඒකනේ හිනා වෙවීම පෝලිමේ මුලට යන්න පුළුවන් නොදැනිම.

    නිම්ෂා, කන්න වගේ බලන්නෙ නැතිව ක්‍රමේට බලන්න ඕනේ.. ටැක්නික් එකට බලන්න..

    සරත් අයියා, අනුන්ගේ භාර්‍යා

    ReplyDelete
  13. සරත් අයියා,
    ඉස්සෙල්ල කොමෙන්ටුව බාගෙට වැටුනේ මේ මොකක් ද එරර් එකක් ඇවිල්ල.. අනුන්ගේ භාර්‍යාවොයි, අනුන්ගේ ස්වාමියොයි ඇරුණහම වෙන කවුද ඔය පෝලිම් වල ඉන්නෙ හැබෑටම.. තනිකඩ ළමයි දිහා ඔහොම බලල කාලේ නාස්ති කරන්න එපා කියල දෙපාරක් ම කිව්වා..

    Dude,
    නිර්මාණශීලි කම හැම තැනම තියෙනවා.. අපිට කරන්න තියෙන්නෙ පොඩ්ඩක් වෙනස් විදියකට බලන එක.. හැමෝටම නිර්මාණශීලි වෙන්න පුළුවන් හරි ලේසියෙන් ම..

    ReplyDelete
  14. ඔය වගේම දෙයක් මාත් කරනවා. එත් ටිකක් වෙනස් විදියකට. ඔහොම ගොඩක් මිනිස්සු ඉන්න තැනක එක එක මිනිස්සුන්ගේ මූණු වල expressions බලාගෙන ඉන්න එකත් jolly වැඩක්. හරියටම නාට්ටියක් බලන් ඉන්නවා වගේ දෙයක්. තනියම හිනා වෙන මූණු, අඩන මූණු, එක එක හැගීම් වලින් පිරුණු මූණු. එක එක මූණු වෙන වෙනම කතාවක් කියනව හොඳට බලන් ඉද්දි

    ReplyDelete
  15. ඇනෝ, ඒකත් සිරා වැඩේ.. ඔය expressions බලාගෙන ඉන්නකොට නොදැනීම වගේ අපිට වෙන අයව මතක් වෙනවා නේද?මම කරන්නේ.. එහෙම මතක් කර කර බලන එක.. ඕකෙම තව වර්ෂන් එකක්.. :)

    ReplyDelete
  16. මම නම් ආසම කවුරුහරි ෆෝන් කරනව ඈත දිහා බලාගෙන ඉඳල ඒ ඩයලොග්ස් හිතාගන්න, එහෙම නැත්නම් නිර්මාණය කරන්න. සමහර වෙලාවට හිනාවෙලා පණයන ඩයලොග්ස් එහෙම සෙට් වෙනව

    ReplyDelete
  17. මේක මමත් කරන වැඩක්. ගොඩක් වෙලාවට ඔයා කිව්ව වගේ කරන්න දෙයක් නැතිව රස්තියාදු වෙන වෙලාවල. පොඩි උන්ව ලොකු චරිත වලට මැප් කරන එක හෙනම ආතල් වැඩක්..

    මුහුණෙ තියෙන ලක්ෂණ අනුව ඕනම කෙනෙක්ගෙ ඕනම වයසක හැඩරුව හදාගන්න පුළුවන් මෘදුකාංග එහෙම තියෙනව නේද? ඔය වෙන රටවල පොලිස් අංකල්ල එහෙම පාවිච්චි කරන්නේ...

    ReplyDelete